අද නොගියොත් ආයේ කවදාවත් අපට එයින් මිදී යන්නට බැරි වේවි..... රාගය නැති ද්වෙශය නැති මෝහය නැති මිහිපිට කවරදාකවත් විඳ නැති සමාධි සුවය... අප ඒ අමා මහ නිවීම වෙත රැගෙන යනු ඇත....


Share this page

තව්තිසාව කුමට මට.....

ඇස යන තැන පෙණෙන වෙහෙර
සිත යන තැන දැණෙන සුවය
මුවින් මුවට ගැයෙන සම්බුදු ගුණ ගොස
තව්තිසාවේ කොයින්.....?

දෙව් විමන්වල සුවය සොය සොයා
දෙව් ලියන් කුමට දකින්නද...
සීල සමාහිත සිල් ගුණ ඇති
මහ සඟ රැවනක් වැඩ සිටිනා දසුනක්
තව්තිසාවේ කොයින්.....?

රැය ගෙවෙනා පශ්චිම යාමේ
රන්මැලි සෑ මලුවේ පේ වී සිට
බුදු ගුණ කියනා සඳ
පෙනෙයි දෙව් ලියනුත් වඳිනා රඟ
මේ මහ සෑය...

සතරවරම් දෙව් රජ දරැවන්
මල් ඉසිමින් වඩිනා විට...
සක් දෙවිදුගෙ නලල් තලය
සෑ ගැබෙහි වදින විට...
සෑ මලුවේ සිට මම වදිනෙමි
තව්තිසාව කුමට මට.....

තව කියවන්න.......

සියල්ල ඇත්තේ ඔබ ලඟමය. ඔබ ඔබම දකින්න.


free counters